Type Here to Get Search Results !

පළමුවැනිදා පාන්දර 4ට රට අරින සැලසුම සූදානම්..


රට ලබන  පළමු  වැනිදා අලුයම හතරට  විවෘත  කිරීමට හැකි වන පරිදි  සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මේ අනුව  රට  විවෘත  කිරීමට  අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය  යනාදි අංශ ඉලක්ක කර  මෙම සැලසුම් සකස් කෙරෙන බවත්  එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ  කෙරෙනු ඇති  බවත්  ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

එසේම ජනතාවට අවශ්‍ය  කෙරෙන  දැනුවත් කිරීම් කරන ලෙස සියලු අමාත්‍යංශවලට උපදෙස්දී ඇතැයිද  යුද  හමුදාපතිවරයා කීය.

රට විවෘත කළ පසු ජනතාවට   සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති  අනුගමනය කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති  බවත්  එසේ කටයුතු නොකළහොත් යළි බරපතළ ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු පැවසුවේය. 

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads