විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවීම ප්‍රතික්ෂේප කිරීමට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් කටයුතු කර ඇත.
යම් යම් කොන්දේසි සපුරාලන තුරු විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් හමුවීම ප්‍රතික්ෂේප කරන බව ලිඛිතව ඒ මහතා වෙත දැනුම් දීමට කාදිනල් හිමිපාණන් පියවර ගෙන තිබේ.
කුරණ (මීගමුව) ශාන්ත ආනා දේවස්ථානයේ දේවගැති පූජ්‍ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවේ රැස්වීමක් සඳහා. ජී.එල් පීරිස් මහතා කාදිනල්වරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.
කාදිනල්වරයා දිය ලිපිය මගින් දැනුම් දී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් යම් කොන්දේසි සපුරාලන්නේ නම් එම හමුවට තමන් එකග කැමති බවකි.
පූජ්‍ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ කොන්දේසි සපුරාලන තුරු විදේශ ඇමතිවරයා හමු නොවන බව කාදිනල්වරයා ප්‍රකාශ කර ඇති බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ මහජන විශ්වාසය දිනා ගන්නා අයුරින් පැවැත්විය යුතු බවත්, කතෝලික ප්‍රජාවගේ සහ සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කාදිනල්වරයා විදේශ අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු මෑතකදී මාධ්‍ය විසින් සිදු කරන ලද ප්‍රකාශයන් විසින් එම ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කෙරෙහි විශ්වාසයක් ගොඩනඟා ගත නොහැකි බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවස තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු වූ පසුව පමණක් විදේශ ඇමතිවරයා හමුවන බව කාදිනල්වරයා පවසා තිබේ.