Type Here to Get Search Results !

බලු බද්දක් පනවයි..


එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කර එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් ගෙන එන බව වාර්තා වෙයි.

දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීමදී එම යෝජනාවක් සිදු කිරීමට අදහස් කරන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් නාගරික මන්ත්‍රීවරුන් වෙත පත්‍රිකාවක් මගින් දන්වා ඇත.

නගර සභාවේ නගරාධිපති වරයා වශයෙන් ඔහු වෙත ඇති බලතල යටතේ නාගරික බදු ගෙවන්නන් හට බදු මුදල් වැඩි කිරීමක් ද මේ යටතේ සිදු කරන්න නියමිතය . වාර්තා වන අන්දමට බදු මුදල 50% සිට 100% දක්වා වැඩිවීමක් ද සිද්ධ වන අතර සියලුම ව්‍යාපාරිකයන්ට සඳහා අයිතමයන් 150 ක් යටතේ බදු මුදල් වැඩි කිරීමට කටයුතු කරයි.

බදු මුදල වැඩි කිරීමේදී වාර්ෂික ආදායම ඒකක 6ක් යටතේ දී බදු මුදල් අයකර ගැනීමට යෝජනා ඉදිරිපත්කිරිමට නියමිතය.

– මහින්ද දඹුල්ල


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads