Type Here to Get Search Results !

සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න.. ආණ්ඩුව වැටෙන්නෙ නෑ..- මහින්ද කියයි…


වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඔවුන්ට එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කායෙන් රඳවා ගැනීමට තමන්ට කිසි ලෙස අවශ්‍ය නොවන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා කොයි කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැතැයිද කියා සිටියේය.

සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි සිහින මවන්නේ විපක්‍ෂය බව කී අග‍්‍රාමාත්‍යවරයා විපක්‍ෂයේ සමහරු සෑම විටම අසුබවාදී ලෙස ආණ්ඩුවේ වැඩකටයුතු ගැන සෙවිල්ලෙන් පසු වන බවද පැවසීය.

ලෝක වෙළෙඳපොළේ අද තත්ත්වය අනුව රටවල් රැසකම ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් තදින් බලපාන එම තත්ත්වයට මුහුණ පෑමට අද අපටද සිදුවී තිබෙන බවත් අගමැතිවරයා පැවසීය.

අද වැනි දවසක විපක්‍ෂය ආණ්ඩුව කළේ නම් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මීටත් වඩා බරපතළ වන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන
– divaina


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads