ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් අවස්ථාවක් නොදීම නිසා ප‍්‍රසිද්ධ රැළියක් පවත්වා ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුවට සහාය ලබා දෙන දේශපාලන පක්ෂ එකොළහක් තීරණය කර තිබේ.
Samsung Phone එකට ලුමිනස් Tempered Glass එකක් නොමිලේ ගෙදරටම ගෙන්නවා ගන්න

ඒ අනුව මෙම ජන හමුව එළැඹෙන 29දා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වෘත්තීය සමිති වල සහභාගිත්වයද ලැබීමට නියමිතව ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ සෙසු දේශපාලන පක්ෂ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.
එමෙන්ම මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ද තීරණය වී තිබේ.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා සැප්තැම්බර් මස 21 වැනි දින ලිපියක් යොමු කළ ද ජනාධිපතිවරයා එම අවස්ථාව ලබාදී තිබුණේ නැත.
ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ඒකමතිකව පක්ෂ සියල්ල තීන්දු කළ බවයි.
ජනාධිපතිවරයා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු සමඟ බලෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් නැතැයිද නානායක්කාර මහතා පැවසීය.
ගිවිසුම අත්සන් කර අවසන් වූවද සියල්ල අවසන් වන්නේ දේශපාලන බලය මත බවද ඔහු තවදුරටත් පැවසීය.


