Type Here to Get Search Results !

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර.. අත්පොලසන් ජයඝෝෂා මැද යෝජනාව සම්මතයි…


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට නැවත කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

32GB රු2000/-ගේ SD Memory Card එක රු900/-ට දැන්ම මිලදී ගන්න ගෙදරටම නොමිලේ

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදීය.

තමන් ඇතුළු මන්ත‍්‍රීවරුනට වාහනයක් නොමැතිකම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් පළ කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක තමන්ට වාහන අවශ්‍ය නැතැයි මන්ත්‍රීවරුන් පැවසීම නිසා වාහන ලබා දීමට පියවරක් නොගත් බවයි.

වාහන අවශ්‍ය නැතැයි පවසන මන්ත්‍රීවරුන් අත් ඔසවන ලෙස අග්‍රාමාත්‍යවරයා පැවසූ අවස්ථාවේ කිසිවෙකු ඒ සඳහා අත් ඔසවා නැත.

වාහන අවශ්‍ය යැයි කියන මන්ත්‍රීවරුන් අත් ඔසවන්න පැවසූ විට සියලු දෙනාම අත් ඔසවා ඊට කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇති අතර ඔහුගේ මෙම ප්‍රකාශයට සියලු මන්ත්‍රීවරුන් අත්පොළසන් දී සතුට පළ කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads