Type Here to Get Search Results !

මිනී මස් කන අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි


මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරන්හා’ වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී ඇත බවත්, කුමන හෝ විධිවලින් එම මාළු වර්ග අපේ ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ බොල්ගොඩ ලේක් දියවන්නාව වැනි තැන්වල පිරන්හා මත්ස්‍යයින් සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර මහතා පවසයි.

රු2ට Air Pod දෙකක් ගන්න පුළුවන්ද..? මෙන්න සුපිරි චාන්ස් එක මිස් කරගන්න එපා..

කාලෙකට පෙර විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරන්හා ද ඉන්නට ඇතැයි හෙතෙම විශ්වාසය පළ කරයි.

එලෙස වාණිජ කර්මාන්තයකට, විසිතුරු මත්ස්‍යය කර්මාන්තයකට හෝ මත්ස්‍යයින් කුමන හෝ අන්දමකින් මෙරරට ගෙනවිත් ඇති බවත් සමහර විට ස්වභාවික ගං වතුරක් පැමිණි විටත් ස්වභාවික පරිසරයට මාළු නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙයි.

මේවන විට එලෙස විදේශයන් වෙතින් මසුන් ගෙන්විය නොහැක.

නමුත් කාලකෙට ඉහතදී එසේ ගෙන්වීමට ඉඩ දී ඇත. මේවන විට නීති තද බැවින් එලෙස ගෙන්විය නොහැක.

මිට අමතරව ඇලිගේටර් යනුවෙන් හඳුන්වන ලබන ආක්‍රමණශීලි මාළු විශේෂය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින බවත් වාර්තා වී ඇත.

එමෙන්ම තවත් ආක්‍රමණශීලි මාළුවෙක් වෙන මන්නයා බොල්ගොඩ වැවෙහි සිටින බවත් මෙවන් ආක්‍රමණශීලි මත්ස්‍යයින් බෝවීමෙන් අනාගතදී තර්ජනයක් විය හැකි බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර මහතා වැඩි දුරටත් පැවසුවේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads