Type Here to Get Search Results !

2022 නව ආණ්ඩුවක්.. SJB රජයකින් නව අයවැයක්..


2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජනබලවේගයේ රජයක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර මහතා පැවසිය.

නලින් බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ  සමගි ගොවිබලවේගයේ සමගි ගොවි බලමණ්ඩල පිහිටුවිමේ රැස්විම  තලවකැලේ සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදිය.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ආසන සංවිධායක අශෝක සේපාල මහතා විසින් සමගි ගොවිබලවේගයේ බල මණ්ඩලය පිහිටු විමේ උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුව තුල මේ රටේ විශාල ආහාර අර්බුධයක් මතුවන බවත්, මේ වන විටත් වත්මන් රජයට සහයෝගය දැක් වු වැඩි පිරිසක් රජය විවේචනය කරමින් එම පිරිස සමගි ජනබලවේගය කරා එක්වි සිටින බවයි.

සමගි ජන බලවේගයේ රජයක් තුලින් මේ රටේ ගොවියා ශක්තිමත් කිරිමේ වැඩපිලිවෙලක් දියත් කරන බවද නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා පැවසිය.

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads