Type Here to Get Search Results !

ඇමතිකමක් නැති දුකට ගීතාට ආතතිය සෑදේ.. වෛද්‍ය ප‍්‍රතිකාර ගනී…


තමනට ඇමතිධූරයක් නැතිවීම හේතුවෙන් ඒ ගැන කල්පනා කළ ආතතිය හැදුන බවත් ඊට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කර තිබේ.

බොරුවට දාස් ගණන් ගෙවන්නේ මොකටද..? රු1000ට අඩුවෙන් සුපිරි earbud සෙට් එකක්

ඇය ඒ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

තමන්ට ආණ්ඩුවෙන් රාජ්‍ය අමාත්‍ය තනතුරක් හෝ ලබා නොදීම ගැන ඇය ඉතා කණගාටුවෙන් එහිදී අදහස් පළ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුටම ඇමතිකම් ලැබී ඇති බවත් තමන්ට විතරක් ඇමතිකමක් ලැබී නැති බවත් පැවසූ ඇය එය තමනට කරන ලද විශාල අසාධාරණයක් යැයි සඳහන් කර ඇත.

ඇගේ දුක් ගැනවිල්ලට කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර රැස්වීම අවසන් වන්නටත් පෙර ඇය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads