Type Here to Get Search Results !

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් 12% කට ඔමික්‍රෝන්..


ශ්‍රී ලංකාවේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 12 කට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සැක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් රැස් කරන ලද දත්ත මත පදනම්ව, කොවිඩ් 19 රෝගීන්ගෙන් සියයට 12 කට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය විය හැකිය. දැනට ඇතිවී තිබෙන තත්ත්වය මේ වන විට අධීක්ෂණය කරමින් පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම පිළිබඳ සීමිත දත්ත පවතින බැවින් වෙනත් සංකූලතා සහිත වැඩිහිටියන්ට මෙම ප්‍රභේදය ආසාදනය වීමෙන් දරුණු සංකූලතා හෝ මරණයට පත්වීමේ සැලකිය යුතු අවදානමක් පවතින බවයි වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ.

මේ හේතුවෙන් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දැඩි අවධානයෙන් සිටින ලෙස ඔහු දැනුම් දී සිටියේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads