Type Here to Get Search Results !

නව දේශපාලන බලවේගයකට සාකච්චා ඇරඹේ…


ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන තවත් සෙසු පක්ෂ සහ ජාතික බලවේග සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද ඒ මහතා කියා සිටියේය.

නව වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads