Type Here to Get Search Results !

වැලිවේරියේ ඔමික්‍රෝන් ආසාදිත තාත්තායි දුවයි නිසා පවුලටත් ඥාතීන්ටත් රෝග ලක්ෂණ..


මෙරටින්  ඔමික්‍රොන් ආසාදිතයන් 45ක් පමණ මේ වනවිට හඳුනා ගෙන තිබේ. අවසාන වරට හමුවූ 43 දෙනා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල සාම්පලවලින් හා වැඩි පුර ආසාදිතයන් ගුවන්තොටුපොළ ආශ්‍රිතව හඳුනා ගනු ලැබූ බව වාර්තා විය. 

මේ අය අතර වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනයන් දෙදෙනකු හමුව තිබුණි.
සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලක 50 හැවිරිදි පියා සහ 25 හැවිරිදි දියණියකට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනය වී ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවසීය.
ඔමික්‍රොන් වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති පවුලේ පියාට සහ දියණියට රෝගය වැළඳී ඇති ආකාරයක් තවම සොයාගෙන නැත. ඔවුන් පවසා ඇත්තේ බෝවුණ ආකාරය අපැහැදිලි හා නොදන්නා බවයි.

පියා සීදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අතර දියනිය සීදූව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන්නියකි.  ඔවුන් බස්රථවලින් ගමන් ගෙන ඇත.
එම පවුලේ මව, මිත්තනිය සහ දියණියකටද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබෙයි.

ඔවුන්ගේ වැලිවේරියෙහි නිවසට පැමිණ ඇති බව කියන  ගම්පහ ප්‍රදේශයේ ඥාති පවුලක සාමාජිකයන් තිදෙනකුටද කොරෝනා රෝග ලක්ෂණ පවතින බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාර්තා කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads