ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග ඉන්ධන අලෙවියෙන් තෙල් සංස්ථාව විශාල පාඩුවක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පසුගිය මාසයේ බොරතෙල් මිල සමග සැසඳුවද මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 07ක් අලාභ ලබන බවද හෙතෙම කියා සිටියේය.
නමුත් මෙතෙක් ඉන්ධන මිල වැඩි කිරීමට සංස්ථාව තීරණය කර නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම දරාගැනීම දරාගත හැකි තරම් කාලයක් දරා ගැනීමට බලාපොරොත්තු බවද පැවසීය.