පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපට සහ ගාලු මුවදොර පිටියේදී හටගත් කලබලකාරී සිදුවීම සම්බන්දයෙන් ඇය ඇතුළු තවත් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මොරටු නගරාධිපතිවරයාගේ පුත‍්‍රයා, මොරටු නගර සභාවේ සේවකයන් තිදෙනකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර සිටි.