ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
එම මත්පැන් කර්මාන්තශාලා වලින් නිකුත් කරන මත්පැන් ප්‍රමිතියෙන් තොර බවට ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මත්පැන් සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමෙන් පසු වෙළඳපොලෙන් ලබා ගත් මත්පැන් නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු ලැබුණු වාර්තාවන්ට අනුව එම නිෂ්පාදනාගාර දෙකෙන් නිකුත් කළ මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබේ.
කළුතර සහ කුරුණෑගල පිහිටි මෙම නිෂ්පාදනාගාර දෙක පසුගිය මැයි මස 09 වැනිදා ඇති වූ කලබලකාරී තත්ත්වයේදී ගිනි තබා විනාශ කර ඇත.
මේ වන විටත් එම නිෂ්පාදනාගාර දෙක සීල් තබා ඇති අතර වෙළෙඳ පොළට නිකුත් කරන ලද මත්පැන් ආපසු එකතු කිරීමට ද කටයුතු කරමින් සිටී.
එම මත්පැන් වල විෂ බීජ නාශක සදහා යොදා ගන්නා හානිකර රසායන ද්‍රව්‍ය පවා අඩංගුව තිබී ඇතැයි රස පරීක්ෂණ පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
අදාළ වරද නිවැරදි කර නැවතත් මත්පැන් නිෂ්පාදනයට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
කෙසේ නමුත් මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය පවසන්නේ ප්‍රමිතියෙන් තොර මත්පැන් නිකුත් කරන සමාගම් වල බලපත්‍ර අහෝසි කළ යුතු බවය.