Type Here to Get Search Results !

හරීන්ගේ තවත් තනතුරක් ගැලවෙයි..! (VIDEO)


සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත.

එයට අදාල පත්වීම  විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද(02) පරිනමනු  ලැබීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී තනතුරට අමතරව නියෝජ්‍ය මහලේකම්, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක සහ සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මෙයට පෙර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙෂ කටයුතු කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads