Type Here to Get Search Results !

දරුවන් නැති නංගිට අක්කා දුන් ගර්භාෂ තෑග්ග..


 කිරි සිහින දැක ගැනීමට පෙරුම් පුරමින් සිටි නමුදු එම සිහිනය සැබෑවක් කර ගැනීමට අසීරු වූ සිය නැගණියගේ සිහිනය ඉටු කිරීමට සමත් වූ ආදරණීය අක්කා කෙනෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ එක්සත් රාජධානියෙන්.

දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂයයි පරිත්‍යාග කොට තිබුණේ.

ඇයට දරුවන් දෙදෙනෙක් සිටි අතර තම නැගණියට දරුවන් නොසිටි නිසා ඇගේ සිහිනය සැබෑවක් කර ගැනීමට මේ උතුම් පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

ගර්භාෂය පරිත්‍යාග කිරීමට ආ වැඩිමල් සොයුරියගේ වයස අවුරුදු 40ක් වන අතර නැගණියගේ වයස අවුරුදු 34ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

වැඩිමහල් සොයුරිය පරිත්‍යාග කළ ගර්භාෂය පැය 9 විනාඩි 20 ක ශල්‍ය කර්මයකින් පසුව බාල සොයුරියට සාර්ථකව බද්ධ කිරීමට ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

මෙම ශල්‍ය කර්මය සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා පැය 17 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර මෙය එක්සත් රාජධානියේ ප්‍රථම ගර්භාෂය බද්ධ කිරීමේ ශල්‍ය කර්මයද වන බවයි වාර්තා වෙන්නේ.

දරුපළ අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට මෙම සැත්කම සාර්ථක වීමත් සමඟ අපේක්ෂා සහගත බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාව පවතින බව සතුටට කරුණක්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads