Type Here to Get Search Results !

වනිඳු ඉන්දියා බුකී කාරයන් අවභාවිතා කරනවා… ඒෂියා කප් ගහන්නෙත් නෑ..


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ඉන්දියාවේ බුකී කාරයන්ට අවශ්‍ය විදිහට අවභාවිතා කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදයේදී ඔහු මේ අදහස් පළ කළේය.

‘අද එල්පීඑල් එක කියන්නේ ඉන්දියාවෙන් එලවන බුකි කාරයෝ ටික ගෙනැවිත් මෙහෙය ක්‍රිකට් ගස්සනවා. ඇමතිතුමා අනුමැතිය දෙන්නෙ නෑ. ජනාධිපතිතුමා බලෙන් අරන් ගිහිල්ලා ඒකට අනන්‍යතාවයක් හදා ගන්නවා.

වනිඳු හසරංග මේ රටේ සම්පතක්. වනිදු හසරංග කියන සම්පත උන්ට ඕනි විදිහට අවභාවිත කරනවා.

හෙට අනිද්දා ගහයිද බලන්න ඒෂියන් කප්. ගහන්න බෑ. මේ ඔක්කොම සල්ලිත් එක්ක නැටවෙන ආයතනයක් බවට පත් වෙලා’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads