Type Here to Get Search Results !

නිමල් ලංසා අගමැතිකමට…?


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඇතුළු පිරිසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයේ නායකයා පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ දිනවල ඒ සම්බන්ධයෙන් එම පිරිස් අතර ගැඹුරින් සාකච්ඡා වෙමින් තිබේ.

මුලින් යෝජනා වී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා එහි නායකයා ලෙස පත්කර ගැනීමටයි.

නමුත් නිමල් ලන්සා මහතාට නායකත්වය ගන්නා ලෙස පිරිසක් ඉල්ලා සිටීමත් සමග මෙම තත්ත්වය ඇතිවී තිබේ.

මෙම නව සන්ධානය පිහිටුවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණයට සහාය දීමට නියමිත අතර ඉන් අනතුරුව පිහිටුවන ආන්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය මෙම නව සන්ධානයේ නායකත්වයට පත්වන පුද්ගලයාට ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමටද නියමිතව ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads