Type Here to Get Search Results !

සැමියාගේ හොර අල්ලන්න බිරිඳ හොඳම මිතුරියට භාරදීලා..


 තම සැමියා ගැන තිබූ අධික බොරු සැකය හේතුවෙන් හොඳට සිටි සැමියෙකු නරක අතට පත්ව වෙනත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටියදී බිරිඳගේ අතටම හසුවීමේ පුවතක් වාර්තාවන්නේ කොළඹට ආසන්න ප්‍රසිද්ධ නගරයකිනි.


සිදුවීම මෙසේය,


තම බිරිඳට දැඩි ලෙස සෙනෙහස පාමින්, විශ්වාසය දැඩිව රකින්නට උත්සහ කරමින් සිටි සැමියෙක් විය.


දෙදරු පියෙකු ඔහුගේ බිරිඳ කසාදයට කලින් පටන් සැමියාව දැඩි සේ සැක කලේ හේතුවක් නැතිවමය.


ඔහු රැකියාව කලේ අගනුවර පිහිටි ප්‍රසිද්ධ ආයතනයකයි.


රැකියා ස්ථානයේ තම සැමියාට පෙම්වතියන් ඇතැයි බිරිඳ නිරතුරු සැක කලාය. ඊට හේතුව වූයේ සැමියා කාගේත් ආකර්ශනයට ලක්වීමයි.


එපමණක් නොව සැමියාගේ දුරකථන ඇමතුම්වලට හොරෙන් කන්දුන් ඇය ඔහු පිළිබඳ වඩාත් විමසිලිමත් විය.


සැමියාටද මෙය හොඳ හැටි දැනී තිබූණි. එය වදයක් වුවත් හෙතෙම ඉවසාගෙන සිටියේ බිරිඳට ඇති අසීමිත ආදරය නිසාමය.


මෙසේ ටික දිනක් යනවිට බිරිඳට තම සැමියාව පරික්‍ෂා කර බලන්නට සිතක් පහල වූ අතර මේ සඳහා ඇය කථා කලේ ඇගේ හොඳම යෙහෙළියටයි.


“ඔයාට මම හස්බන්ගෙ නම්බර් එක දෙන්නම්, ටිකක් කථා කරලා බලන්න, ලොකු උදව්වක්”


යැයි පැවසූ අවස්ථාවේ එයට අකමැති වූ මිතුරිය ඇයගේ දැඩි පෙරැත්තය නිසාම අවසානයේ ඊට එකඟවිය.


ටික දිනකින් ඔවුන් දෙදෙනා දුරකථනය හරහා සම්බන්ධවූයේ බිරිඳගේද දැනුවත්වීම මතයි.


මිතුරිය මෙම පුද්ගලයාට දැඩි අනුකම්පාවක් දැකුවූයේ ඔහු හොඳ පුද්ගලයෙකු බවට වැටහුණු නිසාමයි.


මෙසේ කල්ගතවෙද්දී දෙදෙනා පෙම්වතුන් බවට පත් වුවත් එය ඔවුන් රහසක් සේ තබාගත් අතර මිතුරිය විසින් අදාල කාන්තාවගේ සැමියාට සියලු තොරතුරු පවසා තිබුණි.


එක් දිනක් බිරිඳ නිවසේ නොමැති මොහොතක පැමිණි මිතුරිය සැමියා හා සිටියේ එකට තුරුලු වී පෙම්වතුන් ලෙසයි.


බිරිඳ නිවසට පැමිණි බව නොඇසුණු ඔවුන් පෙම්සුව වින්දෝය. මෙලෙස පැමිණි බිරිඳ මුලින්ම දුටුවේ නිවස ඉදිරිපිට නවතා තිබුණු යෙහෙළියගේ යතුරු පැදියයි.


ඇතිවූ සැකය නිසා හෙමින් සීරුවේ නිවසට එබුනු ඈහට උන්හිටි තැන් අමතකව ගියේ දුටු දේ නිසාමයි.


තම මිතුරියත් සැමියාත් සිටින අයුරු දැකීමෙන් පසු මිතුරියට හොඳ හැටි අමතන්නට සිතුනත් තමන්ගේ වරද නිසා මෙය සිදුවූ බව වැටහුණු නිසා ඇය කලේ කිසිත් නොකියා ඇයගේ නිවසට යාමයි.


අවසානයේ සැකය නිසා තම සැමියාත් මිතුරියත් අහිමි කර ගැනීමට මෙම කාන්තාවට සිදුවිය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads