Type Here to Get Search Results !

මිල්කෝ, හයිලන්ඩ් සහ NLDB ගොවිපලවල් 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට..


 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇතැයි ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මිල්කෝ සමාගම විකිණීමට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර හයිලන්ඩ් සමාගම විකිණීමට තවත් කැබිනට් පත්‍රිකාවක් සකස් කර අවසන් බව ඔහු පැවසීය.

ආඩිගම, රිදියගම, නාරම්ම සහ පොළොන්නරුව කිරි ගොවිපළ ඇතුළු කිරි ගොවිපළ 21ක් සැලැස්මට අනුව අලෙවි කරන බව එම පක්‍ෂයේ මාවනැල්ල ආසන සම්මේලනය අමතමින් දිසානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කමිටු දෙකක් පත් කර ඇති බවත් ගොවිපළවල ඇති ඉඩම, ගස්වැල් සහ වගාව තක්සේරු කිරීම සඳහා එක් කමිටුවක් ද, ගොවිපළවල සතුන් සහ උපකරණ තක්සේරු කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙවන කමිටුවට පැවරී ඇති බවත් ඔහු පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads