Type Here to Get Search Results !

ප‍්‍රමෝද්‍ය පොලිසියට රහස් රැසක් හෙලි කරයි.. සුප‍්‍රසිද්ද නම් ඒ අතරයි..


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට සුප්‍රසිද්ධ නම් කිහිපයක් ගැන විශේෂ හෙලිදරව් කිරීම් කර ඇතැයි වාර්තා වෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට ඔහු පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් කරන්නැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කල දැනුම්දීමක් මත මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ හිටපු කණ්ඩායම් සගයෙකුට ද චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට කුසල් මෙන්ඩිස් තෝරා ගැනීමෙන් පසු ඔහු සමගින් කණ්ඩායමේ සංයුතිය ගැන සාකච්ඡා කළද දසුන් ශානක නායකත්වයට පත් කරන්නැයි ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් තමන්ට බලපෑම් කළ ආකාරය ද වික්‍රමසිංහ මහතා එහිදී විස්තර කර ඇතැයිද වාර්තා වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads