ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ අවසන් තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු 5ක පරාජය ලැබීමත් සමඟ එදිනම මධ්‍යම රාත්‍රියේම ශ්‍රී ලංකා පිල ඉන්දියාවෙන් පිටත් කිරීමට අයිසීසීය පියවර ගත්තේය. තරග නීති රීති අනුව මූලික වටයෙන් ඉවතට යන සෑම කණ්ඩායමක්ම කඩිනමින් යැවීමට අයිසීසීය පියවර ගනී.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල නෙදර්ලන්තය හා එංගලන්තය සමඟ පැවති තරග දෙක ජය ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 40,000 බැගින් ශ්‍රී ලංකාවට පිරිනැමුණු අතර, තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වන සෑම කණ්ඩායමකටම පිරිනැමෙන අමෙරිකානු ඩොලර් 100,000ක මුදල ද මේම මුදලට එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මූලික වටයේ තරග 9කට සහභාගී වූ අතර, එහිදී දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය හා නවසීලන්තය හමුවේ පරාජයට පත්විය. ශ්‍රී ලංකාවට හිමිවූ මුදල හා සමාන මුදල් තරග දෙක බැගින් ජයගත් බංග්ලාදේශයට හා නෙදර්ලන්තයට ද හිමිවේ.
– ප්‍රින්ස් ගුණසේකර