Type Here to Get Search Results !

සනත් නිශාන්තගේ අභාවයෙන් ආණ්ඩුවට අවාසියක්.. විමල්ට වාසියක්.. අලුත් මන්ත‍්‍රී විපක්‍ෂයට..


 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්වීමට නියමිතය.


ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වන අතර එම දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඔහුය.


මේ වන විට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බැවින් ජගත් ප්‍රියංකර මහතා ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.


ඒ අනුව ආණ්ඩු පක්ෂයට අසුනක් අහිමිවී විපක්ෂයට අසුනක් එක් වීමට නියමිතය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads