Type Here to Get Search Results !

පෙරලියක් සූදානම්.. SJB ජාතික ආණ්ඩුවකට.. පොහොට්ටු පලුවක් විපක්‍ෂයට.. නාමල් විපක්‍ෂ නායක..


 ලබන අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.


එ් අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.


අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.


ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.


ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads