Type Here to Get Search Results !

වාහන ආනයනයට සූදානම්.. ඊට පෙර වාහන ආනයන බදු විශාල ලෙස ඉහල දමයි..


 ඉදිරි කාලසීමාවේදී වාහන ආනයනය කිරීම් ආරම්භ කිරීමත් සමඟ වාහන ආනයන බදු ද ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.


මෙරට ජීවන වියදම සලකා බලමින් වාහන ආනයන බදු සංශෝධනය කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මේ වන විටත් රජය එකඟ වී සිටී.


මෙම බද්ද සංශෝධනය කරනු ලබන්නේ ආර්ථික වර්ධනය හා උද්ධමන අනුපාතයන් ගලපමිනි.


කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වාහන පමණක් මුලින් ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර පුද්ගලික වාහන ආනයනය කරන්නේ නම් එන්ජින් ධාරිතාව 1000ට අඩු කුඩා වාහන පළමුව ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads