සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මෙරට සමස්ත සුනඛ ගහනය සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා සහ අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී එකිනෙකට වෙනස් සංඛ්යාලේඛන ඉදිරිපත් කර තිබේ.
නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙරට සුනඛ ගහනය ලක්ෂ 32ක් පමණ වන බවයි.
කෙසේ වෙතත්, අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා ප්රකාශ කර ඇත්තේ මෙරට සමස්ත සුනඛ ගහනය ලක්ෂ දෙකක් පමණ වන බවයි.
මේ අතර, සුනඛයන් මහමග අත්හැර දැමීම වැළැක්වීම සඳහා නීතිමය ක්රියාමාර්ග ගත යුතු බව නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම ආගමික ස්ථාන, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්පොළ ආශ්රිතව සුනඛයන් අතහැර දැමීම සම්බන්ධයෙන් දැඩි දඩ මුදල් පැනවීමේ අවශ්යතාව ද ඔහු අවධාරණය කර ඇත.


