Type Here to Get Search Results !

දයාසිරිගේ සහාය සජිත්ට


 ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.


අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කළේය.


එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.


එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, "අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාවය තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා. අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා." යනුවෙනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads