Type Here to Get Search Results !

ජනාධිපති අනුරගේ මවගේ නිවසටත් පොලිස් ආරක්‍ෂාව දාලා..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව වාසය කළ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා සඳහන් කරයි.


එම නිවස මේ වන විට වසා දමා ඇතත් ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ඔහු පවසයි.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමද ගාලු මුවදොර වාහන ප්‍රදර්ශනය කිරීම මෙන්ම දේශපාලන සංදර්ශනයක් බවත් හෙතෙම පෙන්වා දෙයි.


තමන්ට දේශපාලන වශයෙන් කිසිවෙකුගෙන් තර්ජනයක් නැති වුවද බොහෝ මන්ත්‍රීවරුන්ට විවිධ තර්ජන ඇති බවද පැවසූ ඔහු ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම රජය වගකීම බාරගත යුතු බවද කියා සිටියේය.


අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads