Type Here to Get Search Results !

පොල් ආනයනයට කැබිනට් පත‍්‍රිකාවක්..


 කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.


එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කරන්නේ පොල් මිල ඉහළ යාමට පොල් නිෂ්පාදනය අඩුවීම හා ආනයනයට ලැබුණු විශාල ඉල්ලුම බලපා ඇති බවයි.


ඒ අනුව ඉල්ලුමට අදාළ සැපයුමක් ලබාදීමට කර්මාන්තකරුවන් කළ ඉල්ලීම අනුව පොල් මද ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සන්දේශයක් සකස් කර ඇතැයිද හෙතෙම පැවසීය.


ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන්ම පොල් මිල පහළ බසින බැවින් පොල් තොග රැස් කරගෙන සිටීමෙන් වළකින්නයි ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads