Type Here to Get Search Results !

පොල් මිල තවත් ඉහල යයිලු..

රට තුළ පොල් මිල ඉහළ යාමට හේතු කිහිපයක් බලපා ඇතිබව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී.ගුණරත්න මහතා පැවසීය.


රිලවුන්,දඩු ලේනුන් ඇතුළු සතුන් සිදුකරන විනාශය ඉන් ප්‍රධාන වෙයි.


වසර කිහිපයක සිට රසායනික පොහොර පොල් වගාව සඳහා නිසි ආකාරව නොයෙදීම පොල් මිල ඉහළ යාමට හේතු වී ඇති බව පැවසීය.


රිලවුන්ගේ හානිය නිසා වසරකට පොල් ගෙඩි මිලියන 100 ක් අහිමිවන බව එහිදී පැවසීය.


නිසි ලෙස පොහොර නොයෙදීම ඇතුළු කාලගුණික විපර්යාස හේතුවෙන් ද පොල් අස්වැන්න අඩුවී තිබේ.


රුපියල් 70 පැවති පොල් ගෙඩිය මේ වනවිට රුපියල් 150 ආසන්න වී ඇතිබව පැවසීය.


ඉදිරියේදී පොල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වැඩිදුරටත් පැවසීය.


– නාගොඩ සුමන උදයන්ත

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads