ගණේමුල්ල සංජීව ඝාතනය සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන විට සැකකරු වෑන් රථයකින් පලා යමින් සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යුධ හමුදා කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළෙකු වූ මොහොමඩ් අස්මාන් නැමැත්තෙක්.


