Type Here to Get Search Results !

දළලා පෝලිමේ හතරක් මිය යයි.. 420ක් රෝහල් ගත කරයි.. තවත් රැසකට බාහිර ප‍්‍රතිකාර..


 මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.


පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.


මිය ගිය පුද්ලලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.


අම්පිටිය ප්‍රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත.


මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ.


මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප‍්‍රතිකාර ලබා දී ඇති බවත්ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads