Type Here to Get Search Results !

සත්ත්ව සංගණනය නිරවුල් නෑ.. ආයිත් සංගණනයක් කරන්න වෙනවා..


 මෙරට සිටින වන සතුන් කළමනා කරණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, සත්ත්ව සංගණන කටයුතු අවසන් වීමෙන් පසු එම සතුන් විදේශ රට වලට යවනවාද, එසේත් නොමැති නම් වෙනත් කළමනාකරණයක් සිදු කරනවාද යන්න සම්බන්ධයෙන් සලකා බලන බවත් කෘෂිකර්ම පශු සම්පත් වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.


අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ලෝකයේ බොහෝ රටවල එවැනි වන සත්ත්ව කළමනා කරණයක් සිදු කරන බවත්, ඔවුන් එවැනි දේ කරනුයේ සත්ත්ව සංගණන සිදුකිරීමෙන් අනතුරුව බවත්ව.


ඔස්ට්‍රේලියාව වැනි රටවල කැන්ගරුන් සම්බන්ධයෙන් එවැනි කළමනා කරණ සිදුකරන බවත්, ඔවුන් නිවැරදි සංගණනයක් සිදුකිරීමෙන් අනතුරුව එවැනි කළමනා කරණයක් සිදුකරන බවද පැවසීය.


එහෙත් මෙරට තුළ කිසිදු වන සතෙක් පිළිබඳව සංගණනයක් සිදුකොට නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා, පසුගියදා සිදු කළ සත්ත්ව සංගණනය සම්පූර්ණ නිරවුල් සංගණනයක් වශයෙන් පිළිගතනොහැකි බැවින් තවත් වටයක සංගණනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.


මෙරට තුළ මීට පෙර එවැනි කිසිදු ආකාරයක සත්ත්ව සංගණනයක් හෝ කළමනාකරණයක් සිදු කොට නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, වනජීවී නිලධාරීන් සිටින්නේ වනසතුන් ආරක්ෂා කිරීමට බවද පැවසීය. සත්ත්ව සංගණනය හමාර වීමෙන් රිළවුන් හෝ වෙනත් සතුන් පිළිබඳව කළමනාකරණය සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.


ෂේන් සෙනවිරත්න

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads