Type Here to Get Search Results !

සිරිවර්ධන යයි.. මුදල් ලේකම්කම බාරගන්න හුලංගමුව බෑ කියයි..


 ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.


විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් එහෙම වාර්තාව සඳහන් කරන්නේ මහින්ද සිරිවර්ධන මහතා සේවයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය බාර ගැනීම සඳහා ඔහුට ඉල්ලීමක් ලැබී ඇති බවයි.


කෙසේ වෙතත් හුළංගමුව මහතා පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂයකු ලෙස දැනටමත් තනතුරක් දරන නිසා එම තනතුර ලබා දුන් නොගත යුතු බව ඔහුගේ මතය වී ඇතැයිද වාර්තාවේ සඳහන්ය.


දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන මහතා එළැඹෙන ජුනි මාසය පමණ වන විට සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.


ඒ අනුව පුරප්පාඩු වන ධුරය සඳහා දුමින්ද හුළංගමුව මහතා යෝජනා වී තිබින.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads