මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය සඳහා මාලිගාවේ පසුපස දොරෙන් ඇතැම් පිරිස් ඇතුළු කරමින් ඇති බව මාධ්‍යවේදී උවිදු කුරැකුලසූරිය මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී ඇත්තේ මාලිගාවේ සේවකයන් ගේ පවුල්වල අයද ඒ අතර වන බවයි.
ඇතැම් සංඝයා වහන්සේලාගේ පවුල්වල පිරිස් මෙම පසුපස දොරෙන් ඇතුළු කරගන්නා බවත් ඒ සඳහා අවසර දී ඇති බවත් හෙතෙම පවසයි.
පසුපස දොරෙන් තවත් පෝලිමක් ඇති වී තිබෙන බවද එය ඔහුගේ සටහනේ තවදුරටත් සඳහන් වෙයි.