Type Here to Get Search Results !

පාස්කු ප‍්‍රහාරය ගැන රටම කළඹන පුවත එලියට..


 පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


පොළොන්නරුවේදී පැවති ජන රැලියක් අමතමින් ඔහු පැවසුවේ අදාල වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවය.


“2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා තිබෙනවා. එමෙන්ම ඉදිරියටත් ගනිමින් තිබෙනවා.



පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවක් පැමිණියා.එහි වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලේ නෑ. සමහර කොමිෂන් වාර්තා කොටස් සඟවා තිබුණා.අද පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු සැඟවූ ලේඛන පවා විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා.හොඳට කියවා විමර්ශනයක් කරන ලෙස මා පැවසුවා.



ප්‍රහාරය පිළිබඳ තැන තැන ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් තිබෙනවා. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ තැනට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද?අප ඒ සැක තැන් ඔක්කොම නිරාකරණය කරමින් පරීක්ෂණ ඉදිරියට ගෙන යනවා.පාස්කු ප්‍රහාරයේ සැබෑ වග උත්තරකරුවන් හෙළිදරව් කිරීමේ වගකීම අප දරනවා”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads