Type Here to Get Search Results !

පාස්කු ප‍්‍රහාර මහ රහසෙන් කොටසක් බිමල් හෙලි කරයි.. පිල්ලෙයාන්ගේ සම්බන්ධයත් හෙලිවෙලා..


 2019 පාස්කු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සඳහා නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.


මෙම ප්‍රහාරය රජයට සම්බන්ධ යම්කිසි ආයතනවල ඉහළම දායකත්වය ඇතිව සිදුවී තිබෙන බව දැන් පැහැදිලි වී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.


ඒ සම්බන්ධයෙන් සැකය එල්ල වන කණ්ඩායම් මෙරට පාලන බලයද එම ප්‍රහාරයෙන් පසුව දරා ඇති බවද ඒ මහතා පැවසුවේය.


එම ප්‍රහාරය සම්බන්ධ වන සාක්ෂි විනාශ කර සහ වසන් කිරීමටද කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.


කෙසේ නමුත් ගත වූ සති දෙක කාලය තුළ හෙළිවූ විශේෂ නව කාරණා ඔස්සේ පාස්කු ප්‍රහාරය මෙහෙයවූ පිරිස් හෙළිදරව් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය.


උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads