මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාල ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බාර දී ඇත.
වෙනත් ස්ථානයකට යෑම සඳහා තමන් ඉල්ලා අස්වූ බව වීරසිංහ මහතා පැවසුවේය.
පුරප්පාඩු වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට වයඹ පළාත් සභාවේ මාර්ගලප්‍රවාහන නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබන කමල් අමරසිංහ මහතා පත් කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයෙන් හතරකම සභාපතිවරුන් ඉල්ලා අස්වී තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ යන අය එසේ ඉල්ලා අස්වූය.