Type Here to Get Search Results !

රංවල උපාධිය ගේන්න ගොස් අදට මාස පහයි..


 ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස පහක් ගතවෙයි.


ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය.


තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.


නමුත් මාස පහක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.


ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads