Type Here to Get Search Results !

කන්ටේනර් 323 කොටින්ගේ ආයුධ ගෙනාවේ නෑ..- ආරක්‍ෂක ලේකම්


 රේගු පරීක්‍ෂාවෙන් තොරව නිදහස් කළ කන්ටේනර් 323 අතර කොටි සංවිධානයට අයත් අවිආයුධ තොගයක් ගෙන්වා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.


අදාළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවත් හෙතෙම කියා සිටී.


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ මෙසේ පැවසුවේය.


”මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොකද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස් පෝරාව හම්බුනා. තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ බඩු ටික කුමරන් පද්මනාදන් හරහා කේපි ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. අන්තිමට ඉතිරි වෙච්ච ආයුද ටික ගිනි අවි ටික ඒ කන්ටේනර් වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුනේ ප්‍රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads