Type Here to Get Search Results !

SJB අපේක්‍ෂක නගරාධිපති වෙන්න බහුතරය පන්නයි.. උප නගරාධිපති UNPට.. අවසන් ගල උඩ සටන හෙට..


 සමගි ජන බලවේගයේ (SJB) නාගරික මන්ත්‍රී රීසා සාරුක්ට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අවශ්‍ය බහුතර සහාය හිමි වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි.


කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ සහාය අවශ්‍ය වන අතර, රීසා සාරුක්ට දැනටමත් මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය අත්සන් සහිතව ලැබී ඇති බව සඳහන් වේ.


මෙම මන්ත්‍රීවරුන් 62 දෙනාගේම අත්සන් සහිත ලේඛනයක් සකස් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.


කෙසේ වෙතත්, මෙම 62 දෙනා අතරට සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ (UNP) ටෝනි රම්සි මන්ත්‍රීවරයා ඇතුළත් නොවන බව වාර්තා වේ.


ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බව ප්‍රකාශ කර තිබීමත්, ටෝනි රම්සි මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට පෙර රීසා සාරුක්ට සහාය නොදෙන බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබීමත්ය.


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 48ක් හිමි වූ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර 69ක් හිමි විය.


නගරාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (16) පැවැත්වීමට නියමිත අතර, කොළඹ නගර සභාව වැඩිම කාලයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමට ද එකඟතාවකට පැමිණ ඇති බව සඳහන් වේ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads