Type Here to Get Search Results !

රජය විසින් රාජ්‍ය බැංකු දෙකක් වසා දමයි..?


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රජය විසින් නිවාස ණය දෙන රාජ්‍ය බැංකු දෙකක් වසා දැමීමට සූදානමක් ඇතැයි වාර්තා වී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

එම සංගමය ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් එම බැංකු දෙකට මහ බැංකුවෙන් සීමා පනවා ඇති බවයි.

“නිවාස සංවර්ධනය සඳහාම පිහිටුවා තිබෙන බැංකු දෙක වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවටත් මේ වන විට මහ බැංකුවන් සීමා පනවලා.

ගනුදෙනුකරුවන් නිවාස ණයක් ගන්න ඉල්ලුම් කළාම තමයි ඒ සිමාවන් දැනෙන්නේ. ඒ සීමාවන් මොනවාද කියලා අධ්‍යක්ෂ මණ්ඩලය පැහැදිලිව දන්වා ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් හෝ වෘත්තිය සමිති දැනුම්වත් කරලා නැහැ. නමුත් අපිට ඒ ගැන නිල නොලත් මට්ටමින් විවිධ ආරංචි ලැබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල ඇපයට තියලා ලබා දෙන නිවාස ණයවල සීමාවන් පනවා එම ණය ප්‍රමාණයන් අඩු කිරීම වැනි දේවල් කරගෙන යන බවට තොරුතුරු වාර්තාවෙනවා. මේක ක්‍රම ක්‍රමයෙන් ගනුදෙනුකරුවන් අඩුවෙන්න හේතුවක්.

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු දෙකම ඒකාබද්ධ කරන්න යනවා කියලා තවත් නිල නොලත් ආරංචියක් ලැබුණා. මේ බැංකු වසා දැමීමට කටයුතු කරනවා කියන එකයි අපිට නම් තේරෙන්නේ”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads