සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා හා කොළඹ දිසා ගිහි අනුශාසක සුනිල් කුමාර මහතා හා නැගෙනහිර කොළඹ ආසනයේ රුක්මන් ද සිල්වා මහතා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්ට ලිපියක් බාර දෙන ලදී.
එහිදි අදහස් දැක් වු නියෝජ්‍ය නායක ප්‍රකාශ කර සිටියේ 2024 නොවැම්බර් මස 21 වන දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එම්. ඩබ්. එන්.යු ගුණසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී . ඩී . එන් .කේ පලිහේන මහතා ඉදරිපත් වු අතර ඔවුන් නිසි පරිදි නිවාඩු අනුමත කර ගැනීම හෝ අවශ්‍ය පරිදි රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම සිදු කර නොමැති බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීති විරෝධි කරුණක් බවය.
වැඩි දුරටත් අදහස් දක්වමින් උපතිස්ස කුමාරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ,වත්මන් ආණ්ඩුවේ වෙළඳ කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා 2000/ 2001 වසරේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කල අතර ඔහු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ද වු බවය. එකල මම රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ලදී.
වසන්ත සමරසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ සභාපති ලෙසත් මම රජරට විශ්ව විද්‍යාලයේ සභාපති ලෙසත් අන්තරයේ එකට වාඩි වුනා. එදා වසන්ත සහෝදරයා තබුත්තේගම පෞද්ගලික උපකාරක පන්ති හිමිකරු වෙමින් මුදලට අධ්‍යාපනය විකුණන ගමන් අන්තරයේ මේසයේ වාඩි වෙලා ප්‍රකාශ කරන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරකිය යුතු බවයි. මීට වසර 20 කට කලින් අපි ඔහුගේ දෙබඩි වැඩපිලිවෙල ගැන කතා කලා,වාද කලා, ඔහුට අභියෝග කලා. ඒ නිසා අපි අද මතක් කරන්නේ මේ රටේ නිර්ධන පන්තියේ කෝටිපති වසන්ත සමරසිංහ මහතාගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනක් පත්වී තිබෙනවා නියමිත පරිදි රජයේ සේවයෙන් ඉල්ලා අස්වීම හා විශ්‍රාම ගැනීමෙන් තොරව. රටේ වංචාව හා දුෂණය ගැන කතාකරන වසන්ත සමරසිංහ මහතාට අපි නැවතත් අභියෝගයක් එල්ල කරනවා පුළුවන් නම් ඔබේ දිස්ත්‍රික්කයේ නීත්‍යානුකූල නොවන ලෙස මැතිවරණයට ඉදිරිපත් වුනු අනීතික ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් සිටිනම් එවැනි මන්ත්‍රිවරු පිළිබඳව එලියට ඇවිත් කතා කරන්න. ඔබේ පහසුව සඳහා අපට ලැබුණු තොරතුරු රටට අද අපි නම් සහිතව ඉදිරිපත් කර තියෙනවා.
මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පාරට ගෙනල්ලා රටේ විශ්ව විද්‍යාල ප්‍රගමනය හා නිදහස් අධ්‍යාපනය සංවර්ධනය වීමට තිබෙන අවස්ථා අහෝසි කරලා මහ දවල් ශිෂ්‍යයින් පාරට ගෙනල්ලා ගේට්ටු පෙරලලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිත බිලිගත් වසන්න සමරසිංහ මහත්තයාට අභියෝග කරනවා පුළුවන්නම් තමන්ගේ දිස්ත්‍රික්කය තුල නීතිය උල්ලංඝනය කල මන්ත්‍රීවරු පිළිබඳව හා තමන්ගේ මිලියන 270 ක වත්කම් උපයා ගත් ආකාරය රටට හෙලි කරන්න කියලා.