සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
දුරකථන ඇමතුම්වලට ප‍්‍රතිචාර දැක්වීම ඉතා අපහසු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
ජාතික වගකීමක් යටතේ අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු කටයුතු නිසා සියලු දෙනාම කාර්යබහුල බවද එ් මහතා සඳහන් කරයි.
වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය වන විද්‍යුත් තැපැල් මඟින් ගැටළු යොමු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
තම සමාජ ජාල ගිණුමේ ඔහු සටහනක් තබමින් මේ බව කියා තිබේ.
අදාළ සම්පූර්ණ සටහන මෙසේය.
මචං ඇමතිය phone ආන්සර් කරන්නෙ නෑ.. හම්බෙන්න විදිහකුත් නෑ.. වැඩක් නෑ බන්..
බුකියෙ බැනල Tag කරපන් ☺
නෑ එහෙම වෙන්න අවශ්‍ය නෑ, අපි සියල්ල මහජන සේවයේ ඉන්න අය, ජාතික වගකීම් යටතේ අමාත්‍යාංශයේ හා පාර්ලිමේන්තු කටයුතු නිසා අපි සියල්ලම කාර්‍යබහුලයි, SAVE කරල නැති දුරකථන වලට හා Whatsapp වලට ප්‍රතිචාර දක්වන්න ඉතා අපහසුයි
මේ සදහා ශක්තිමත් යාන්ත්‍රනයක් තියෙනවා
ඉතාම කාර්‍ය්ක්ෂම ක්‍රමය තමයි ඔබේ අවශ්‍යතා විද්‍යුත් තැපෑල මගින් යොමු කරන එක. හදිසි කාරනාවලට ප්‍රමුඛත්වය ලැබෙයි අනෙක් දේවල් කාලාණුරූපීව ප්‍රතිචාර ලැබෙයි
deputy.minister@industry.gov.lk
chathuranga@parliament.lk
වර්ථමාන අත්දැකීම 50%ට වඩා අවශ්‍යතා හමුවීමකින් තොරවම මගේ කාර්‍ය මණ්ඩලය මගින් විසඳුම් ලබාදෙනවා, මේ වෙනකොට අපිට ආපු Inquires ප්‍රමාණය 1,600ක්, ලබාදීමට නොහැකි වූ හමුවීම් 100කට වැඩී
අමාත්‍යාංශයට කර්මාන්ත වලට අදාලව මුනගැගෙන්න අපි සතියකට වරක් සදුදා කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දින පවත්වනවා (Call ministry and confirm the days)
ඊලඟට ඔබේ ගැටළුව කෝට්‍ටේ ප්‍රදේශයට අයත් නගර සභාවට අදාල නොවන දෙයක් නම්
ඔබට සම්බන්ධීකරණ කාර්‍යාලයට හෝ ආයතනික ගැටළුවක් නම් ප්‍රාදේශීය සම්න්ධිකරණ කමිටුවට යොමු කරන්න පුලුවන්
ඒ වගේම බෞතිකව මගේ දෛනික රැකියා ස්ථානය නාරහෙන්පිට ඒ වගේම කෝට්ටේ ඕනෑම ජාතික ජනබලවේගයේ මන්ත්‍රී කෙනෙක් හෝ කොට්ටාශ සභාවක් හරහා මා හා සම්බන්ද විය හැකී.
ඉතින් අපි හෙට කෝට්ටේ නව මහජන සම්බන්දීකරණ කාර්‍යාලය විවෘත කරනවා, ඔබ අපේ Network එකේ ඉන්නවනම් මහජන දින තියන නිශ්චිත දින දැනගන්න පුලුවන්. මේ වෙනකොට කෝට්ටේ මහජන දින වලට 232 දෙනෙක් ඇවිත් තියෙනවා.
සංවිදිත යාන්ත්‍රනය භාවිතා කරමු
මගේ පුද්ගලික කාර්‍යමණ්ඩය ඉතා කාර්‍ය්ක්ෂම මහජන සේවයක් මේ වන විට ලබාදෙනවා, මාව සම්බන්ද කරගන්න හොදම ක්‍රමය තමයි මහජ සම්බන්දීකරණ නිලධාරීන්
චතුරංග අබේසිංහ