සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අනුරාධපුර - පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සිරවූ බස් රථයේ සිටි මගීන්ගෙන් 68 දෙනාම මුදාගෙන නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස, බේරාගෙන රෝහල් ගතකළ එක් අයෙකු මියගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එමෙන්ම, මහනුවර අලවතුගොඩ අංකුඹුර මාර්ගයේ රඹුක්ඇල ප්‍රදේශයේ දරුණු නායයෑමක් වාර්තා වී තිබෙනවා.
එම ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ, මෙම ස්ථානයේ ජීවත්වූ පවුල් 50ක් පමණ අතුරුදන් බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ ඇතිවූ ආපදා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පොළ දිස්ත්‍රික්කයට බවයි.
එහි පවුල් 23, 634කට අයත් පුද්ගලයින් 87,977 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, ආපදා මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු යොදාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.


