Type Here to Get Search Results !

භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා කිව්වත්.. ආපදාවට පත් පුද්ගලයකුට දිනකට රුපියල් 300යි.. මාලිමා ආණ්ඩුවට දැඩි විවේචන..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රට පුරා පවතින දරුණු ගංවතුර හා නායයෑම් ව්‍යසනය හමුවේ අසරණ වූ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් වෙන් කර ඇති දෛනික දීමනාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.


අවතැන් වූ ජනතාවට අවම ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමට සහායදීම වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන දීමනා ඇතුළත් මීට අදාළ නිල නිවේදන 2ක් මේ වන විට ප්‍රසිද්ධව ඇත.


ඒවායේ දැක්වෙන අන්දමට, රජය විසින් ආපදාවට පත් පුද්ගලයෙකුට වෙන් කර ඇත්තේ එක් වේලක් සඳහා රුපියල් 100ක් වශයෙනි.


ඒ අනුව, පුද්ගලයෙකුට දිනකට ලබා දෙන මුළු දීමනාව රුපියල් 300ක් වන අතර, සතියකට ලැබෙන්නේ රුපියල් 2,100ක් පමණි.


“ඉතිරෙන්න සල්ලි තියන භාණ්ඩාගාරයකින් රටේ අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ට ආණ්ඩුව වෙන් කරන්නෙ එක වේලකට රුපියල් 100 යි” යනුවෙන් සමාජ මාධ්‍ය හරහා මෙන්ම විවිධ පාර්ශවයන් විසින් දැඩි චෝදනා එල්ල කරමින් සිටී.


මෙම සුළු මුදල වත්මන් අධික ජීවන වියදම හමුවේ අවතැන් වූවන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විවේචකයෝ පෙන්වා දෙති.


මෙවැනි හදිසි ව්‍යසනයක් හමුවේ සහන කටයුතු කඩිනම් කිරීම වෙනුවට, ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් පසුගිය දින තුන තුළ වැඩිම රැස්වීම් ප්‍රමාණයක් පවත්වා වාර්තාවක් තබා ඇති බවට ද තවත් චෝදනාවක් එල්ල වී තිබේ.


විපතට පත් ජනතාවට ක්ෂණික සහන වෙනුවට රැස්වීම්වලට වැඩි කාලයක් වෙන් කිරීම සම්බන්ධයෙන් මහජන අප්‍රසාදය පළ වී ඇත.


රජයෙන් ලැබෙන සහනය අතිශයින්ම අඩු බැවින්, මේ මොහොතේ රටේ අසරණ වූ ජනතාවට ඇත්තේ දානපති මනුෂ්‍යයන්ගෙන් ලැබෙන පිහිට පමණක් බවට පොදු මතයක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී.
මේ පසුබිමේ ආණ්ඩුව වහාම මෙම දීමනාව සංශෝධනය කර, අවතැන් වූවන්ට ප්‍රමාණවත් සහනයක් ලබා දිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads