Type Here to Get Search Results !

මාලිමා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයෙන් වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය සොහොයුරා නිදහස් කරන ලෙස බලකරමින් පොලිස් නිලධාරීන්ව බිය ගැන්වීම සහ බලහත්කාරය යෙදවීම හේතුවෙනි.

හිඟුරක්ගොඩ, යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි මෙම නියෝජිතයා ඊයේ (4) දින සවස් කාලයේදී පොලිස් භූමිය තුළදීම අත්අඩංගුවට පත්විය.

මන්ත්‍රීවරයාගේ සොහොයුරා පොලිස් භාරයට ගෙන තිබුණේ විදුලි බිල්පත් නොගෙවීම නිසා ඔවුන්ගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සහ ඔවුන්ගේ යතුරුපැදියට හානි කිරීම යන චෝදනා මතය.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සවස පොලිස් ස්ථානයට පැමිණි මන්ත්‍රීවරයා, ඔහුව මුදා හරින ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බලපෑම් කිරීමේ සිද්ධිය මත ඔහු ද අත්අඩංගුවට ගත් බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads