සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අධ්‍යාපනික සංශෝධන ඔස්සේ පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ ප්‍රයත්නයක් පවතින බවට වර්තමානයේ විවේචන එල්ල වෙමින් පවතී.
හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඉගෙනුම් කට්ටලයක අඩංගු වූ යොමුවක් (Link) හරහා සම ලිංගික සහකරුවන් සොයා දෙන අන්තර්ජාල අඩවියක් වෙත යොමු කර ඇති බවට කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
අදාළ වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී එය සමලිංගික සබඳතා සඳහා පුද්ගලයින් සම්බන්ධ කර දෙන වේදිකාවක් බව තහවුරු වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ අදාළ ඉගෙනුම් ද්‍රව්‍ය පාසල් වෙත ලබා දීම නතර කිරීමට රජය වහාම පියවර ගෙන ඇති අතර, මෙම බරපතළ වරද සිදු වූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ කර ඇත.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවය.
එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ලැබු අතර මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කිරීමට අපේක්ෂිත බවත් හෙතෙම පවසයි.


