Type Here to Get Search Results !

ගංජා වැටලූ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්.. නිලධාරියා රෝහලේ...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීම සිදුක පොලිස් නිලධාරියාට එම මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකර තිබෙනවා.


අදාල පහරදීමෙන් මේ වන විට සුසන්ත නැමැති එම නිලධාරියා ඇඹිලිපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ 35 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.


රාජකාරිය නිමවා එමින් සිටි අවස්ථාවේ වෙළඳසැලක් අසළදී තමන්ට මෙම පහර දීම සිදුකළ බවයි පොලිස් නිලධාරියා පවසන්නේ.


එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කැබ් රථය නවත්වා තිබී ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ ''මට උඹව හම්බෙන්න ඕනෑ'' යැයි පවසා තිබෙනවා.


එහිදී තමා ''හම්බවෙන්න ඕනේනම් හම්බවෙමු'' යැයි කියා කී බවත් එහිදී වචන කිහිපයක් හුවමාරු වූ බවයි පහරකෑ නිලධාරියා පැවසුවේ.


පසුව මොහු නිවස බලා යමින් සිටියදී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන්ම මන්ත්‍රීවරයා විසින් ගත් බවද ඔහු පවසනවා.


එම අවස්ථාවේ පොලිස් නිලධාරියා යතුරුපැදියෙන් බැසීමට උත්සාහ කළ මොහොතේ කසිප්පු පැකට්ටුවකින් මුහුණට පහරදුන් බවද ඔහු පැවසුවා.


එම අවස්ථාවේ තමාගේ දෑස් නොපෙනී ගිය බවත් ඒ සමගම තමුන්ට පහරදුන් බවයි ඔහු පවසන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads